spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩිම මුදලක් වැය කරන අමාත්‍යාංශ දහයේ වියදම් විශ්ලේෂණයට සැරසේ

වැඩිම මුදලක් වැය කරන අමාත්‍යාංශ 10 හි වියදම් විශ්ලේෂණය කිරීමට තම රජය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම වාර්තා භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

අරලියගහ මන්දිරයේ දී අද (08) පැවති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පතක් 2023 වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලා ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

ආරක්‍ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකාව සඳහා වන දීර්ඝ කාලීන ආරක්‍ෂක ප්‍රතිපත්තියක් මත කටයුතු කරනු ඇති අතර, ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ දී අනෙකුත් අමාත්‍යාංශ ද ජාතික ප්‍රතිපත්ති රාමුව අනුගමනය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රතිපත්ති රාමුව තුළ විශාල රික්තයක් පවතින බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම, නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය සඳහා සැලකිය යුතු අඩුපාඩුවක් බව පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තුව විසින් ජාතික ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් ලබාගැනීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ බලය බෙදීම ද සිදුවිය හැකි බව අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?