දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 103ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 58ක්.

මෙම පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන් කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ සරල බහුතරයකින් නීත්‍යනුකූල ලෙස සම්මත කළ හැකි බවයි කතානායකවරයා ඊයේ නිවේදනය කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ද දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත‍ බහුතර ඡන්දයෙන් අනුමත වුණා. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මේ සදහා කමිටුවේ බහුතර අනුමැතිය හිමි වූයේ.

මෙහිදී කාරක සභා සභාපතිවරයා සහ කාරක සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් නියම කර ඇති පරිදි 30%ක බදු වැඩිවීම අදාළ වන්නේ බැඳුම්කර කළඹේ (bond portfolio) පොලී ආදායමට පමණක් බවයි මහ බැංකුවේ නිලධාරීන් පැහැදිලි කළේ. තවද, විශ්‍රාම අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම (DDO) සඳහා සහභාගී වන අවස්ථාවකදී, මෙය 14% දක්වා අඩු වන බව ද පෙන්වා දෙනු ලැබුවා.

2025 දක්වා 12%ක ප්‍රතිලාභයක් සහ ඉන් පසුව 9%ක ප්‍රතිලාභයක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ට සහභාගී වන විශ්‍රාම අරමුදල් වෙත සහතික කිරීමට මහ බැංකුවට ඇති හැකියාව ද කමිටුව ප්‍රශ්න කළා. ඊට ප්‍රතිචාර වශයෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ එක් එක් සාමාජිකයා වෙත නැවත ලැබීම සහතික කළ නොහැකි වුවද යෝජිත ප්‍රතිලාභය සාක්ෂාත් කර ගැනීමට ඔවුන් උත්සාහ කරන බවයි. මෙම අනුපාතය පවත්වා ගැනීමට නොහැකි වුවහොත් යෝජිත ප්‍රතිලාභය 2025 දක්වා සහතික කිරීම සඳහා භාණ්ඩාගාරය මැදිහත් විය යුතු බවට දැනට සාකච්ඡාවක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ධනාත්මක ප්‍රතිලාභයක් සහතික කිරීම සඳහා උද්ධමනය ගැලපුම් පොලී අනුපාතිකයක් සලකා බැලිය යුතු බව කමිටුවේ අදහස වුණා. සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන්නේ නම්, EPF බැඳුම්කර කළඹට සිදුවන අවස්ථා අලාභය 4%ක් බවයි මහබැංකු අධිපතිවරයා අනාවරණය කළේ. කෙසේ වෙතත්, සේවක අර්ථසාධක අරමුදල සහභාගී නොවීමට තීරණය කළහොත්, දේශීය ආදායම් පනත් කෙටුම්පතේ නවතම සංශෝධනයට අනුව 30% ක ඉහළ බදු අනුපාතයක් හේතුවෙන් බැඳුම්කර කළඹට ඇති අවස්ථා අලාභය 21% දක්වා වැඩිවනු ඇති.

මීට අමතරව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම (DDO) සඳහා සුදුසුකම් නොලබන සියලුම විශ්‍රාම අරමුදල් 30%ක බදු වැඩි කිරීමකට යටත් වන බැවින් අනාගතයේ දී නව විශ්‍රාමික අරමුදල් පිහිටුවීම අධෛර්යමත් විය හැකි බව නිරීක්ෂණය කරනු ලැබුවා.

තවද, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ ලැයිස්තුගත කර ඇති බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා නම් කිරීම පිළිබඳව කමිටුව සුබ පැතුම් එක්කළ අතර, පැමිණ සිටි නිලධාරීන්ගේ ප්‍රයත්නය ද ඇගයීමට ලක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32