මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට අලුත් තනතුරක්

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පත්වී තිබෙනවා.

ඊයේ (06) එම සංසදය පළමුවරට රැස්වූ අවස්ථාවේදී යි චරිත හේරත් සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම පත්කර ගැනීම සිදු වූයේ.

නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ සහ කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ සහ අජිත් මාන්නප්පෙරුම තෝරා පත්කර ගැනුණා.

කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය ප්‍රථමයෙන්ම සාකච්ජාවක් සඳහා කැඳවීමටයි. එමගින් වර්තමානයේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව තොරතුරු හා දත්ත මෙන්ම එම කාර්යාලය ගෙනයන වැඩ පිළිවෙල සම්බන්දයෙන් කමිටුවට අවබෝධයක් ලබගත හැකි බව සභාපතිවරයා සඳහන් කළා.

අධ්‍යාපනය, ප්‍රවාහනය, නීති හා සෞඛ්‍ය යන අංශ තුල ආබාධ සහිත තැනැත්තන්ට බහුලව ගැටලු පවතින බව වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන කැඳවා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට ද තීරණය කෙරුණා.

මෙරට සිදුකර ඇති අවසන් ජන සංගණනය 2012 වසරේ සිදුකර ඇති බැවින් වර්තමානයේ කොපමණ ආබාධ සහිත තැනැත්තන් සිටිනවාද යන්න පිළිබඳ යාවත්කාලීන දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය ද සභාපතිවරයා සිහිපත් කළා.

පක්ෂ භේදයෙන් තොරව ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට සියලුම දෙනා කටයුතු කළ යුතු බවයි සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

මෙරට සිටින ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ගැන විපක්ෂ නායකවරයා කමිටුව හමුවේ කරුණු ඉරිපත් කළා. ඒ අනුව අදාළ දත්ත ලබාගැනීම ග්‍රාම නිලධාරීන් මගින් ආරම්භ කළ හැකි බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

ආබාධ සහිත තැනැත්තන්ට අනුකම්පාව නොව අයිතීන් ලබාදීම අරමුණු කරගෙන කටයුතු කළ යුතු බවට මෙහිදී අදහස් දක්වමින් කමිටු සාමාජික මන්ත්‍රීවරයන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31