සැමියාගේ පහරදීමෙන් බිරිඳ ජීවිතක්ෂයට (වීඩියෝ)

අනියම් සබඳතාවක් මුල්කරගෙන ඇති වූ ආරවුලක් හේතුවෙන් සැමියාගේ පහරදීමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ උඩුනුවර වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක් දරු මවක්.

ඇය තම සැමියා සමග මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර බිරිඳ එම ප්‍රදේශයේ දී ඇතිකරගත් අනියම් සබඳතාව හේතුවෙන් සැමියා එහි පදිංචිය වෙනස් කර ඊයේ (5) බිරිඳ සමඟ වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබෙනවා.

එහා බිරිඳගේ දෙමව්පියන්ගේ නිවස වන අතර එහි සිට ඇත්තේ මෙම අඹු සැමි යුවළ පමණයි.

මහියංගණය ප්‍රදේශයේ සිට පැමිණි අවස්ථාවේ සිට අද (06) උදෑසන අට පමණ වන තෙක් බිරිඳ ඇයගේ ජංගම දුරකථනයේ රැඳී සිට ඇති අතර අවුරුදු එකහමාරක් වූ දරුවාට කිරි සෑදීම පවා පමා වීම හේතුවෙන් සැමියා එම දරුවාට කිරි සාදා දුන් බව ද ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අනියම් සබඳතාවය හේතුවෙන් බිරිඳ ජංගම දුරකථනයේ රැඳී සිටින බව දැන ගත් සැමියා ඒ පිළිබඳව විමසීමේ දී ඔවුන් අතර වූ බහින්බස් වීමේ දී සැමියා මුළුතැන්ගේ තිබූ දර කැබැල්ලකින් බිරිඳට පහරදී ඇතැයි සඳහන්.

ඉන් බරපතළ තුවාල ලැබූ ඇය එම ස්ථානයේම මිය ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ පොලිසිය එම ස්ථානයට යන විටත් 28 හැවිරිදි සැමියා නිවසේම රැඳී සිට ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය කාන්තාවගේ සහෝදරයකු විදේශ රටක සිට එවන මුදල්වලින් ඔවුන් ඉඩමක් ගෙන මහියංගන ප්‍රදේශයේ නිවසක් ද ඉදි කරමින් සිට ඇති බව සඳහන්.

සොහොයුරා කොරියාවේ සිටින අතර මෙම කාන්තාවගේ සැමියා ද කොරියන් විභාගය සමත්ව කොරියාවට යාමට සූදානමින් සිට බව ද හෙළිවී තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයට ස්ථානීය පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ සිටි අතර ගම්පොල වැඩබලන මහේස්ත්‍රාත් විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56