වැග්නර් කුලී හමුදාව එක්සත් රාජධානිය තුළ ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කෙරේ

රුසියානු කුලී හේවා කණ්ඩායම වන වැග්නර් හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව එම සංවිධානයේ සාමාජිකයෙකු වීම හෝ සහයෝගය දැක්වීම එක්සත් රාජධානිය තුළ නීති විරෝධී වනු ඇති.

එක්සත් රාජධානියේ ස්වදේශ ලේකම් සුවාලා බ්‍රවර්මන් පැවසුවේ වැග්නර් හමුදාව ප්‍රචණ්ඩ සහ විනාශකාරී, ව්ලැඩිමීර් පුටින්ගේ හමුදා මෙවලමක් බවයි.

මේ අතර යුක්‍රේනයේ සහ අප්‍රිකාවේ එහි කටයුතු, ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් බව ස්වදේශ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා.

රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ දී වැග්නර් ප්‍රධාන භූමිකාවක් ඉටු කළ අතර, සිරියාව, ලිබියාව සහ මාලි ඇතුළු අප්‍රිකානු රටවල ද මෙම වැග්නර් කුලී හේවා හමුදාව ක්‍රියාත්මක වනවා.

යුක්‍රේනය පුරවැසියන් ඝාතනය කිරීම සහ වධහිංසා පැමිණවීම ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් එහි සටන්කරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර වැග්නර් කුලී හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රිගොෂින් පසුගිය මාසයේ දී ගුවන් අනතුරකින් මිය යාමෙන් පසු එම සංවිධානයේ අනාගතය පිළිබඳව මේ වනවිට ප්‍රශ්නාර්ථයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12