spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැග්නර් කුලී හමුදාව එක්සත් රාජධානිය තුළ ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කෙරේ

රුසියානු කුලී හේවා කණ්ඩායම වන වැග්නර් හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව එම සංවිධානයේ සාමාජිකයෙකු වීම හෝ සහයෝගය දැක්වීම එක්සත් රාජධානිය තුළ නීති විරෝධී වනු ඇති.

එක්සත් රාජධානියේ ස්වදේශ ලේකම් සුවාලා බ්‍රවර්මන් පැවසුවේ වැග්නර් හමුදාව ප්‍රචණ්ඩ සහ විනාශකාරී, ව්ලැඩිමීර් පුටින්ගේ හමුදා මෙවලමක් බවයි.

මේ අතර යුක්‍රේනයේ සහ අප්‍රිකාවේ එහි කටයුතු, ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් බව ස්වදේශ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා.

රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ දී වැග්නර් ප්‍රධාන භූමිකාවක් ඉටු කළ අතර, සිරියාව, ලිබියාව සහ මාලි ඇතුළු අප්‍රිකානු රටවල ද මෙම වැග්නර් කුලී හේවා හමුදාව ක්‍රියාත්මක වනවා.

යුක්‍රේනය පුරවැසියන් ඝාතනය කිරීම සහ වධහිංසා පැමිණවීම ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් එහි සටන්කරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර වැග්නර් කුලී හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රිගොෂින් පසුගිය මාසයේ දී ගුවන් අනතුරකින් මිය යාමෙන් පසු එම සංවිධානයේ අනාගතය පිළිබඳව මේ වනවිට ප්‍රශ්නාර්ථයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?