එක්දින ලෝක කුසලානයට දකුණු අප්‍රිකානු සංචිතයත් නම් කෙරේ

ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්වන දකුණු අප්‍රිකානු සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි ටෙම්බා බවුමා විසින් දරන අතර, මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්.

දකුණු අප්‍රිකානු ලෝක කුසලාන සංචිතය සඳහා මෙම වසර මුලදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි දකුණත් වේග පන්දු යවන ජෙරල්ඩ් කොට්සි ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

එළඹෙන ලෝක ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාවට එරෙහිව ඔක්තෝබර් 07 වැනිදා දිල්ලි හිදී තරග බිමට පිවිසීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු ලෝක කුසලාන සංචිතය,

ටෙම්බ බවුමා (නායක), ජෙරල්ඩ් කොට්සි, ක්වින්ටන් ඩි කොක්, රීසා හෙන්ඩ්‍රික්ස්, මාර්කෝ ජැන්සන්, හෙන්රිච් ක්ලාසන්, සිසඳ මාගල, කේෂව් මහාරාජ්, ඒඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, ලුන්ගි න්ගිඩි, කගිසෝ රබාඩා,තබ්‍රයිස් ෂම්සි,රසී වැන් ඩර් ඩුසන්, ඇන්රිච් නෝර්ට්ජේ

මේ අතර ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ලෝක කුසලාන සංචිතයත් අද (05) ප්‍රකාශයට පත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48