spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්දින ලෝක කුසලානයට දකුණු අප්‍රිකානු සංචිතයත් නම් කෙරේ

ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්වන දකුණු අප්‍රිකානු සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි ටෙම්බා බවුමා විසින් දරන අතර, මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්.

දකුණු අප්‍රිකානු ලෝක කුසලාන සංචිතය සඳහා මෙම වසර මුලදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි දකුණත් වේග පන්දු යවන ජෙරල්ඩ් කොට්සි ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

එළඹෙන ලෝක ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාවට එරෙහිව ඔක්තෝබර් 07 වැනිදා දිල්ලි හිදී තරග බිමට පිවිසීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු ලෝක කුසලාන සංචිතය,

ටෙම්බ බවුමා (නායක), ජෙරල්ඩ් කොට්සි, ක්වින්ටන් ඩි කොක්, රීසා හෙන්ඩ්‍රික්ස්, මාර්කෝ ජැන්සන්, හෙන්රිච් ක්ලාසන්, සිසඳ මාගල, කේෂව් මහාරාජ්, ඒඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, ලුන්ගි න්ගිඩි, කගිසෝ රබාඩා,තබ්‍රයිස් ෂම්සි,රසී වැන් ඩර් ඩුසන්, ඇන්රිච් නෝර්ට්ජේ

මේ අතර ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ලෝක කුසලාන සංචිතයත් අද (05) ප්‍රකාශයට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?