AFC Banner
Empty Ad
Empty Ad

ලැඟුම්හලක් තුළ දී පෙම්වතා පෙම්වතියට අමානුෂිකව පහරදීලා

නිට්ටඹුව, එල්ලක්ල ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක් තුළ දී පෙම්වතියට පහර දුන් පෙම්වතෙක් අද (03) පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු 28 හැවිරිදි සැකකාර පෙම්වතා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි නිට්ටඹුව පොලිසිය පැවසුවේ.

පෙම්වතාගේ පහර කෑමෙන් බරපතළ තුවාල ලබා සිටි 29 හැවිරිදි පෙම්වතිය ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වනවිට එහි ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.

විවාහ විමර අපේක්ෂාවෙන් සිටි මෙම යුවළ එල්ලක්ල ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක නවාතැන් ගෙන සිටිය දී පෙම්වතා බව කියන තරුණයා මත්පැන් පානය කර තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතිය බව කියන තරුණියගේ ජංගම දුරකථන අංකයට මීට පෙර ලැබී තිබූ ඇමතුමක අංකයක් සම්බන්ධයෙන් විමසා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙලෙස අමානුෂික ලෙස පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් දෙදෙනා අතර මීට පෙර අවස්ථාවලදී ද බහින් බස්වීම් සිදුව ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
18
+1
3
+1
5
+1
6
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?