ලැඟුම්හලක් තුළ දී පෙම්වතා පෙම්වතියට අමානුෂිකව පහරදීලා

නිට්ටඹුව, එල්ලක්ල ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක් තුළ දී පෙම්වතියට පහර දුන් පෙම්වතෙක් අද (03) පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු 28 හැවිරිදි සැකකාර පෙම්වතා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි නිට්ටඹුව පොලිසිය පැවසුවේ.

පෙම්වතාගේ පහර කෑමෙන් බරපතළ තුවාල ලබා සිටි 29 හැවිරිදි පෙම්වතිය ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වනවිට එහි ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.

විවාහ විමර අපේක්ෂාවෙන් සිටි මෙම යුවළ එල්ලක්ල ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක නවාතැන් ගෙන සිටිය දී පෙම්වතා බව කියන තරුණයා මත්පැන් පානය කර තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතිය බව කියන තරුණියගේ ජංගම දුරකථන අංකයට මීට පෙර ලැබී තිබූ ඇමතුමක අංකයක් සම්බන්ධයෙන් විමසා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙලෙස අමානුෂික ලෙස පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් දෙදෙනා අතර මීට පෙර අවස්ථාවලදී ද බහින් බස්වීම් සිදුව ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02