පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නාවලපිටිය මහකුඹුර ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අලුතින් ඉදි කිරීමට නියමිත බැම්මක අත්තිවාරම් කපමින් සිටි පුද්ගලයෙකුගේ සිරුර මතට පස් කන්දක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පස් කන්ද ඉවත් කර ඊට යටවී සිටි පුද්ගලයා නාවලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ නාවලපිටිය වෙරලුගස්හින්න ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.

මෘත ශරීරය නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක් - මේකා මේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්නේ හැමදාම..මේ වාසුවා
04:06
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
00:31
Video thumbnail
ජනාධිපතිගේ හීනය ඉටුකරන්න අපි වැඩ කරනවා
02:26