ඉන්දියාවේ ඉර මෙහෙයුම අද අරඹයි

සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගිය පළමු රට බවට පත්වෙමින් ඉතිහාසගත වී දින කිහිපයකට පසු ඉන්දියාව සූර්යයා වෙත සිය පළමු නිරීක්ෂණ මෙහෙයුම දියත් කිරීමට සූදානම් වනවා.

ඒ, අනුව මෙම නිරීක්ෂණ මෙහෙයුමට එක්වන ආදිත්‍ය -L1 යානය අද (02) ඉන්දීය වේලාවෙන් 11:50 ට දියත් කිරීමට නියමිත බවයි විදෙස් මධ්‍ය වාර්තා කරන්නේ.

පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් එනම් සැතපුම් මිලියන 93ක දුරක් ගොස් සූර්යා නිරීක්ෂණය අරඹන ආදිත්‍ය -L1 යානය මෙම දිගු ගමන සඳහා මාස හතරක කාලයක් ගතවනු ඇති බවයි ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ.

හිරු සහ පෘථිවිය අසල ‘ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය’ යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන ස්ථානයේ මෙම යානය රඳවා තැබෙන බවත්, එහි සිට හිරු ගවේෂණය සිදු කරන බවත් ඉන්දීය අභ්‍යවකාශ ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම අභ්‍යවකාශ යානය ගුවන් ගත වූ පසු ‘ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය’ වෙත ගමන් ආරම්භ කිරීමට පෙර පෘථිවිය වටා කිහිප වතාවක් ගමන් ජිරිමට නියමිත බව ද වාර්තා වනවා.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ පාදක මෙහෙයුම නම් කර ඇත්තේ ආදිත්‍ය ලෙසයි.

මෙම මෙහෙයුම සඳහා වැයවන මුදල පිළිබඳව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය ප්‍රකාශ කර නොමැති අතර, ඉන්දියානු පුවත්පත්වල වාර්තා වන්නේ එය ඉන්දීය රුපියල් බිලියන 3.78ක් එනම් ඩොලර් මිලියන 46ක් බවයි.

01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48