spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ ඉර මෙහෙයුම අද අරඹයි

සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගිය පළමු රට බවට පත්වෙමින් ඉතිහාසගත වී දින කිහිපයකට පසු ඉන්දියාව සූර්යයා වෙත සිය පළමු නිරීක්ෂණ මෙහෙයුම දියත් කිරීමට සූදානම් වනවා.

ඒ, අනුව මෙම නිරීක්ෂණ මෙහෙයුමට එක්වන ආදිත්‍ය -L1 යානය අද (02) ඉන්දීය වේලාවෙන් 11:50 ට දියත් කිරීමට නියමිත බවයි විදෙස් මධ්‍ය වාර්තා කරන්නේ.

පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් එනම් සැතපුම් මිලියන 93ක දුරක් ගොස් සූර්යා නිරීක්ෂණය අරඹන ආදිත්‍ය -L1 යානය මෙම දිගු ගමන සඳහා මාස හතරක කාලයක් ගතවනු ඇති බවයි ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ.

හිරු සහ පෘථිවිය අසල ‘ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය’ යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන ස්ථානයේ මෙම යානය රඳවා තැබෙන බවත්, එහි සිට හිරු ගවේෂණය සිදු කරන බවත් ඉන්දීය අභ්‍යවකාශ ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම අභ්‍යවකාශ යානය ගුවන් ගත වූ පසු ‘ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය’ වෙත ගමන් ආරම්භ කිරීමට පෙර පෘථිවිය වටා කිහිප වතාවක් ගමන් ජිරිමට නියමිත බව ද වාර්තා වනවා.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ පාදක මෙහෙයුම නම් කර ඇත්තේ ආදිත්‍ය ලෙසයි.

මෙම මෙහෙයුම සඳහා වැයවන මුදල පිළිබඳව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය ප්‍රකාශ කර නොමැති අතර, ඉන්දියානු පුවත්පත්වල වාර්තා වන්නේ එය ඉන්දීය රුපියල් බිලියන 3.78ක් එනම් ඩොලර් මිලියන 46ක් බවයි.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?