කරාතේ සම්මේලනය ගැන නඩුවට ලේඛන දෙන්න අභියාචනාධිකරණය නීතිපතිට කල් දෙයි

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය තුළ සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව විමර්ශන පැවැත්වූ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දී තිබෙනවා.

කරාතේ සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කර ඒ සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම සම්මේලනය විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එහි.සී. බී. එස්. මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම සලකා බැලීම සඳහා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ කරාතේ සම්මේලනයේ සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

එම වාර්තාව පදනම් කර ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එම පැමිණිල්ලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ කරාතේ සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කිරිමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තම සේවාදායකයින් ගෙන් කරුණු විමසීමක් සිදු කර නොමැති බවයි.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ පියවර සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම ලබන 6 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදිනට පෙර අදාළ ලේඛණ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම චණ්ඩි
01:46
Video thumbnail
අනුර - සජිත් හමුවෙයි.. විශේෂ සාකච්ඡාවක්
04:29
Video thumbnail
අපේ ඉලක්කය වසර 5 තුළදි හෙද සේවයට 13600ක් බැඳවා ගැනීම l Nalinda Jayatissa
13:41
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51