බස් ගාස්තු වැඩි වීමේ ප්‍රවණතාවක් – අවසන් තීරණය සාකච්ඡාවෙන් පසු (වීඩියෝ)

මෙවර ඉන්ධන මිල සංශෝධනය හමුවේ බස් ගාස්තු වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දු්නනේ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තුවට යම් බලපෑමක් පවතින බවයි.

ජනතාවට මෙම තත්ත්වය නීරස වුව ද බස් කර්මාන්තය පවත්වාගෙන යාමට ගාස්තු වැඩි කිරීමක් සිදු කළ යුතු වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අනුව ජාතික ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු වැඩිවන ප්‍රතිශතය පිළිබඳ සමාලෝචනය කිරීමට සිදුවන බව ද ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

අද දහවල් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පැවැත්වෙන සාකච්ඡාවකින් පසු බස් ගාස්තු ඉහළ යන ප්‍රතිශතය සහ ඉහළ දමන දිනය පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි ඔහු පෙන්වා දුන්නේ.

මිල සුත්‍රයට අනුව බස් ගාස්තුව ඉහළ යාම සියයට 4ක පමණ ප්‍රතිශතයකින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන අතර සුලු ගණනකින් ඉන්ධන මිල වැඩි කළේ නම් එය දරා ගැනීමට තිබු බව ද ඔහු කියාසිටියා.

මෙම ඉන්ධන මිල වැඩි කිරීම හමුවේ දුර ගමන් සේවා බස් රථවලට දිනකට රුපියල් පන්දහසක පමණ පාඩුවක් සහ කෙටි දුර සේවා බස් සඳහා රුපියල් 1500ත් 2000ත් අතර පාඩුවක් සිදුවන බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39