spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් ගාස්තු වැඩි වීමේ ප්‍රවණතාවක් – අවසන් තීරණය සාකච්ඡාවෙන් පසු (වීඩියෝ)

මෙවර ඉන්ධන මිල සංශෝධනය හමුවේ බස් ගාස්තු වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දු්නනේ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තුවට යම් බලපෑමක් පවතින බවයි.

ජනතාවට මෙම තත්ත්වය නීරස වුව ද බස් කර්මාන්තය පවත්වාගෙන යාමට ගාස්තු වැඩි කිරීමක් සිදු කළ යුතු වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අනුව ජාතික ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු වැඩිවන ප්‍රතිශතය පිළිබඳ සමාලෝචනය කිරීමට සිදුවන බව ද ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

අද දහවල් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පැවැත්වෙන සාකච්ඡාවකින් පසු බස් ගාස්තු ඉහළ යන ප්‍රතිශතය සහ ඉහළ දමන දිනය පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි ඔහු පෙන්වා දුන්නේ.

මිල සුත්‍රයට අනුව බස් ගාස්තුව ඉහළ යාම සියයට 4ක පමණ ප්‍රතිශතයකින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන අතර සුලු ගණනකින් ඉන්ධන මිල වැඩි කළේ නම් එය දරා ගැනීමට තිබු බව ද ඔහු කියාසිටියා.

මෙම ඉන්ධන මිල වැඩි කිරීම හමුවේ දුර ගමන් සේවා බස් රථවලට දිනකට රුපියල් පන්දහසක පමණ පාඩුවක් සහ කෙටි දුර සේවා බස් සඳහා රුපියල් 1500ත් 2000ත් අතර පාඩුවක් සිදුවන බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?