දුමින්ද නාගමුවට නොතීසි

අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නොතීසි නිකුත් කර තිබෙනවා. 

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස 06 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා දුමින්ද නාගමුවට නොතිසි නිකුත් කර තිබෙනවා.