AFC Banner
Empty Ad
Empty Ad

කටුනායක කොළඹ සුඛෝපභෝගී බස් රථ වර්ජනය අවසන්

මාර්ග අංක 187 කටුනායක – කොළඹ සුඛෝපභෝගී බස් රථ සේවාව ආරම්භ කර තිබූ වර්ජනය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව අවසන් කර තිබෙනවා.

අමාත්‍යවරයා සමග ඇති කර ගත් එකඟතා මත අද උදෑසන සිට වර්ජනය නිමා කරමින් යළිත් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය ආරම්භ කළ බවයි ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ලැම්බට් මධුරගේ සඳහන් කළේ.

මෙම බස් රථ වර්ජනය පසුගිය 26 වනදා උදෑසන 10ට ආරම්භ වූ අතර මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් ඇතුළු පිරිස්, කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ගුවන් ගැල් භාණ්ඩ ගබඩාව වෙත පැමිණෙන පිරිස් වෙත ද දුෂ්කරතා මතු වී තිබුණා.

කොළඹ සිට පැමිණෙන බස් රථවලට යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සමග සාකච්ඡා කර දින දෙකක් තුළ සාධනීය විසදුමක් ලබා දීමට කටයුතු කරන බවටයි අමාත්‍ය ලසන්ත අලගියවන්න පොරොන්දු වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?