කටුනායක කොළඹ සුඛෝපභෝගී බස් රථ වර්ජනය අවසන්

මාර්ග අංක 187 කටුනායක – කොළඹ සුඛෝපභෝගී බස් රථ සේවාව ආරම්භ කර තිබූ වර්ජනය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව අවසන් කර තිබෙනවා.

අමාත්‍යවරයා සමග ඇති කර ගත් එකඟතා මත අද උදෑසන සිට වර්ජනය නිමා කරමින් යළිත් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය ආරම්භ කළ බවයි ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ලැම්බට් මධුරගේ සඳහන් කළේ.

මෙම බස් රථ වර්ජනය පසුගිය 26 වනදා උදෑසන 10ට ආරම්භ වූ අතර මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් ඇතුළු පිරිස්, කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ගුවන් ගැල් භාණ්ඩ ගබඩාව වෙත පැමිණෙන පිරිස් වෙත ද දුෂ්කරතා මතු වී තිබුණා.

කොළඹ සිට පැමිණෙන බස් රථවලට යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සමග සාකච්ඡා කර දින දෙකක් තුළ සාධනීය විසදුමක් ලබා දීමට කටයුතු කරන බවටයි අමාත්‍ය ලසන්ත අලගියවන්න පොරොන්දු වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30