AFC Banner
Empty Ad
Empty Ad

අසාද් සාලි හරි මාර්ගයට ආ යුතුයි – ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අසාද් සාලි මහතා තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව අසාද් සාලි මහතා ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශපාලකයින් රැසක් අද දිනයේ අදහස් දැක්විය.

ඒ අනුව අසාද් සාලි මහතාව නිවැරදි මාර්ගයට ගැනීමේ පියවරක් මීට පෙර අවස්ථාවක ගැනීමට තිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 

නමුත් දැන් හෝ එම තීරණය ගැනීම සුදුසු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

අසාද් සාලි මහතාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒ බව පැවසීය.

“පරක්කු වැඩියි. එතුමා කිසිම වගකීමක් නැතුව රටේ අර්බුද ඇතිවෙන්න වාචාල විදිහට නොයෙක් නොයෙක් ප්‍රකාශ නිකුත් කළා. සමහර ප්‍රකාශ ජාතික සමගියට හානිකරයි. එතුමා හරි මාර්ගයට එන්න ඕනේ.  දැන් හරි ඒ තීරණය ගත්ත එක හොඳයි,” යනුවෙන් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?