අසාද් සාලි හරි මාර්ගයට ආ යුතුයි – ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අසාද් සාලි මහතා තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව අසාද් සාලි මහතා ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශපාලකයින් රැසක් අද දිනයේ අදහස් දැක්විය.

ඒ අනුව අසාද් සාලි මහතාව නිවැරදි මාර්ගයට ගැනීමේ පියවරක් මීට පෙර අවස්ථාවක ගැනීමට තිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 

නමුත් දැන් හෝ එම තීරණය ගැනීම සුදුසු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

අසාද් සාලි මහතාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒ බව පැවසීය.

“පරක්කු වැඩියි. එතුමා කිසිම වගකීමක් නැතුව රටේ අර්බුද ඇතිවෙන්න වාචාල විදිහට නොයෙක් නොයෙක් ප්‍රකාශ නිකුත් කළා. සමහර ප්‍රකාශ ජාතික සමගියට හානිකරයි. එතුමා හරි මාර්ගයට එන්න ඕනේ.  දැන් හරි ඒ තීරණය ගත්ත එක හොඳයි,” යනුවෙන් සරත් ෆොන්සේකා මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40