AFC Banner
Empty Ad
Empty Ad

අලි ඇතුන්ට ලේසර් අල්ලා පෙරහැර කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලක් – චන්න ජයසුමන

පෙරහැර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳ සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මහනුවර දළදා පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන් අපහසුතාවයට ලක් කිරීමට සහභාගි වන්නන් අතර සිටින ඇතැම් අය ලේසර් කිරණ භාවිත කරන බව ඇත්ගොව්වන්ද ප්‍රකාශ කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම මහනුවර දළඳා පෙරහැරට විරුද්ධව පසුගිය සමයේ දී සමාජ මාධ්‍ය මෙහෙයුමක් පවා ක්‍රියාත්මක වූ බවද ඔහු පෙන්වා දෙනවා.

අලි ඇතුන් සහ වගා හානි කරන වෙනත් සතුන් පලවා හැරීමට අධිබල ලේසර් කිරණ කරන නිකුත් කරන කුඩා උපකරණ වෙළෙදපොළේ අලෙවි කිරීමට ඇති බව පෙරහැරට සති කිහිපයකට පමණ පෙර ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත්වන බව ද නිරීක්ෂණය කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එසේම අධි බලය ඇති ලේසර් කිරණ නිකුත් කරන උපකරණ මෙරටට ආනයනය කිරීමට නිසි අවසරයක් ලබාගෙන තිබේ ද ඒවා ලංකාවට ආනයනය කළේ කවුරුන් විසින් ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ද මහාචාර්ය චන්න ජයසුමන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?