අලි ඇතුන්ට ලේසර් අල්ලා පෙරහැර කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලක් – චන්න ජයසුමන

පෙරහැර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳ සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මහනුවර දළදා පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන් අපහසුතාවයට ලක් කිරීමට සහභාගි වන්නන් අතර සිටින ඇතැම් අය ලේසර් කිරණ භාවිත කරන බව ඇත්ගොව්වන්ද ප්‍රකාශ කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම මහනුවර දළඳා පෙරහැරට විරුද්ධව පසුගිය සමයේ දී සමාජ මාධ්‍ය මෙහෙයුමක් පවා ක්‍රියාත්මක වූ බවද ඔහු පෙන්වා දෙනවා.

අලි ඇතුන් සහ වගා හානි කරන වෙනත් සතුන් පලවා හැරීමට අධිබල ලේසර් කිරණ කරන නිකුත් කරන කුඩා උපකරණ වෙළෙදපොළේ අලෙවි කිරීමට ඇති බව පෙරහැරට සති කිහිපයකට පමණ පෙර ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත්වන බව ද නිරීක්ෂණය කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එසේම අධි බලය ඇති ලේසර් කිරණ නිකුත් කරන උපකරණ මෙරටට ආනයනය කිරීමට නිසි අවසරයක් ලබාගෙන තිබේ ද ඒවා ලංකාවට ආනයනය කළේ කවුරුන් විසින් ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ද මහාචාර්ය චන්න ජයසුමන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44