අස්වැසුම ප්‍රතිලාභ වෙනුවෙන් බිලියන 05ක් බැංකු වෙත (වීඩියෝ)

අස්වැසුම ප්‍රතිලාභ සදහා රුපියල් බිලියන පහක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත යොමු කිරීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, අනුව ඉදිරි දිනවල දී එම මුදල් ප්‍රතිලාභ ලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරවෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නිවැරදිව තොරතුරු තහවුරු කරගෙන ඇති ප්‍රතිලාභී පවුල් ලක්ෂ 08ක් සදහා ජූලි මස වාරියක පළමුව ලබාදෙන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය මගින් බැංකු වෙත මෙලෙස බැරකර තිබෙනවා.

සමාජ ප්‍රතිලාභීන් ලක්ෂ 20ක් සඳහා ප්‍රතිලාභ ලබාදීමට කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුව එකඟතාව පළ කළ බවත් ඒ අනුව මේ වන විට ලක්ෂ 15ක් පමණ ප්‍රතිලාභීන් පිරිසක් තෝරාගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

මේ අතර සාවද්‍ය තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසත්, සාවද්‍ය තොරතුරු මත යම් අයෙකු ප්‍රතිලාභ ලබාගෙන ඇත්නම් එම මුදල් රජයට අය කරගනිමින් ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?