අස්වැසුම ප්‍රතිලාභ වෙනුවෙන් බිලියන 05ක් බැංකු වෙත (වීඩියෝ)

අස්වැසුම ප්‍රතිලාභ සදහා රුපියල් බිලියන පහක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත යොමු කිරීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, අනුව ඉදිරි දිනවල දී එම මුදල් ප්‍රතිලාභ ලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරවෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නිවැරදිව තොරතුරු තහවුරු කරගෙන ඇති ප්‍රතිලාභී පවුල් ලක්ෂ 08ක් සදහා ජූලි මස වාරියක පළමුව ලබාදෙන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය මගින් බැංකු වෙත මෙලෙස බැරකර තිබෙනවා.

සමාජ ප්‍රතිලාභීන් ලක්ෂ 20ක් සඳහා ප්‍රතිලාභ ලබාදීමට කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුව එකඟතාව පළ කළ බවත් ඒ අනුව මේ වන විට ලක්ෂ 15ක් පමණ ප්‍රතිලාභීන් පිරිසක් තෝරාගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

මේ අතර සාවද්‍ය තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසත්, සාවද්‍ය තොරතුරු මත යම් අයෙකු ප්‍රතිලාභ ලබාගෙන ඇත්නම් එම මුදල් රජයට අය කරගනිමින් ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46