දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර කොටසේ ගාල්ල දෙසට වන මං තීරුවේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
එම කොටසේ 6 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මාර්ගය හරහා ලොරියක් පෙරළී යාම මීට හේතුවයි.
අප වාර්තාකරුවන් සඳහන් කළේ මේ හේතුවෙන් කොට්ටාව සිට ගාල්ල දෙසට වන මංතීරුවේ කිලෝමීටර් දෙකක පමණ වාහන පෝලිමක් පැවති බවයි.
පිඩලි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක පිටුපස රෝදයක් පුපුරා යාමත් සමග රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් අනතුර සිදුවී ඇතැයි සඳහන්.



























Don’t allow these unstable vehicles to enter express ways.