බණ්ඩාරවෙල, තන්තිරිය ප්‍රදේශයේ ලැගුම්හලක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබිය දී ඊයේ (24) පස්වරුවේ පොලිසිය විසින් සොයා ගත්තා.
ඒ, අදාළ ලැගුම්හලේ සේවකයින් විසින් බණ්ඩාරවෙල පොලිසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි කාන්තාවක් වන අතර, ඝාතනය සිදුකළ සැකකරු වයස අවුරුදු 50ක අයෙක් බවයි හඳුනාගෙන ඇත්තේ.
මෙම සැකකරු අදාළ කාන්තාවගේ දෙවන විවාහයේ සැමියා බවට පසුව අනාවරණය වී තිබෙනවා.
ඔහු කරවිටගේ සචින්ත රංග කරවිට නැමැති අයෙක්.
සැකකරු අපරාධය සිදුකිරීමෙන් අනතුරුව අදාළ ලැගුම්හලෙන් පළාගොස් ඇති අතර, එලෙස පළාගොස් ඇත්තේ ලිපියක් ද ලියා කාන්තාවගේ මෘත ශරීරය අසල තබමින්.
අදාල ලිපියෙ ඔහු සඳහන් කර ඇත්තේ අදාළ කාන්තාව මීගමුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවය කිරීම සම්බන්ධයෙන් ඊට අකමැති වී මෙම අපරාධය සිදුකළ බවයි.
මේ අතර පළාගොස් සිටින සැකකරු සොයා ගැනීමට බණ්ඩාරවෙල පොලිසිය මහජනතාවගෙන් සහාය පතනවා.
ඒ අනුව තොරතුරක් ඇත්නම් 071 – 8710108 (අපරාධ අංශ ස්ථානාධිපති) හෝ 057-222 2226 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.
සැකකරු විසින් ලියා තබා ඇති ලිපිය පහතින්.


















Uta labana athmeth hambennalu aye.ane manda mehema pisso😂😂