පොළොන්නරුවේ අලි මිනිස් ගැටුම් විසඳීමට කඩිනම් පියවර

වන අලි ගම්වැදීම වැළැක්වීමට අලිවැට තවමත් ඉදිනොකළ තැන් සොයා බලා එම ස්ථානවල හැකි ඉක්මනින් අලිවැට ඉදිකිරීමට කටයුතු කරන ලෙස වනජීවී අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පොළොන්නරුව ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොළොන්නරුව දිස්ත්‍රික් මහජන නියෝජිතයන්, ප්‍රාදේශීය නියෝජිතයන් ඇතුලු එම ප්‍රදේශයේ ප්‍රජාව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ දී හමු වූ අවස්ථාවේ දී යි.

එහි දී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවේ අලිවැට නඩත්තුව ඇතුලු කටයුතු සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට නියමිත බහුකාර්යය සංවර්ධන සේවකයන් හැකි ඉක්මනින් අනුයුක්ත කරගන්නා අතර ඉන් අනතුරුව විදුලි වැට නඩත්තුව ඇතුලු කටයුතු නිසි පරිදි සිදු කිරීමට හැකි වන බවයි.

පොළොන්නරුව කලාපයේ සමස්ත වනජීවී රක්ෂිත සහ වෙනත් රක්ෂිත තුළින් අලි ගම්වැදීම වැළැක්වීමට කිලෝමීටර් 800කට වඩා දිගින් යුක්ත විදුලි වැට පද්ධතියක් ඉදිකර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ වනවිට විදුලිවැට පද්ධතිය නඩත්තු කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 350ක් යොදවා ඇති අතර විදුලි වැට නඩත්තු සහයකයින් වශයෙන් බහුකාර්යය සංවර්ධන සේවකයන් 400ක් අනුයුක්ත කර ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ අනුව විදුලි වැට දහවල් කාලයේ දී නඩත්තු කිරීමේ කාර්යභාරය බහුකාර්ය සංවර්ධන සේවකයනට පැවරෙන අතර රාත්‍රී කාලයේ දී විදුලි වැට ආරක්ෂා කිරීමේ හා නඩත්තු කිරීමේ වගකීම සිවිල් ආරක්ෂක බලකායේ භටයින්ට පැවරෙනවා.

එමෙන්ම බහු කාර්යය සංවර්ධන සේවකයන් සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හි නොපැමිණෙන බැවින් එම සේවකයන් දෙපාර්තමේන්තු පාලනය යටතේ අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීමට වැඩපිළිවෙළක් ද සකස් කර තිබෙනවා.

මීට අමතරව මාසිකව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් අලි වෙඩි 7000ක් පමණ නිකුත් කරන අතර වරින්වර ගම්මානවලට පැමිණෙන වන අලින් නැවත රක්ෂිත තුළට පළවාහැරීම ද සිදු කරමින් පවතිනවා.

විදුලි කුටි ආරක්ෂාව සහ රාත්‍රී කාලයට වන අලි විදුලි වැටට හානි කිරීම වැළැක්වීම සඳහා රාත්‍රියට සේවකයන්ට නැවතීමට හැකි මුරකුටි සෑම විදුලිකුටියක් ආසන්නයේම ඉදිකර තිබෙනවා.

මේ වන විට මින්නේරිය, කවුඩුල්ල, අංගම්මැඩිල්ල ජාතික උද්‍යාන ලෙසත් පොළොන්නරුව, පිඹුරත්තෑව, ඇලහැර අඩවි ලෙසත් ප්‍රධාන මෙහෙයුම් ස්ථාන 06ක් තුළින් වන අලි ගැටලුව සම්බන්ධයෙන් සොයාබැලීමට නිලධාරීන් පත්කර ඒ සඳහා පිහිටුවා ඇති කාර්යාල සංඛ්‍යාව 06ක්.

දැනට හඳුනාගෙන ඇති අලි මංකඩ වන මාදුරුඔය ජාතික උද්‍යානය සහ ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය යා කරන හුංගමාලඔය අලිමංකඩ මෙන්ම සෝමාවතී ජාතික උද්‍යානය හා මාදුරුඔය ජාතික උද්‍යානය යාකරන මහවැව අලිමංකඩ නිදහස් කර ගැනීම සඳහා මහවැලි අධිකාරියෙන් අවශ්‍ය සහාය ලබාගෙන තිබෙනවා.

පොළොන්නරුව කලාපයේ වනජීවී රක්ෂිත තුළට විශාල වශයෙන් ගවපට්ටි ඇතුලු කිරීම නිසා වන අලින්ට අවශ්‍ය ආහාර ලබාගැනීමට ඇති ඉඩකඩ ඇහිරී ඇති බැවින් ගවයින් ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ද සකස් කර තිබෙනවා.

වැලිකන්ද සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්වල අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව ලෙස ඉඩම් පරිහරණයේ අවිධිමත්භාවය හඳුනා ගෙන ඇති අතර එම ප්‍රදේශවල ඉඩම් පරිහරණය විධිමත් කිරීමට පියවර ගෙන ඇතැයි සඳහන්.

2022 වසරේ පොළොන්නරුව තුළ පමණක් වන අලි මරණ 73ක්ද වන අලි ක්‍රියාකාරකම් හේතුවෙන් මිනිස් මරණ 18ක් ද සිදුව ඇති අතර මෙම වසරේ අගෝස්තු 21වන දිනට වන අලි මරණ 55ක් ද මිනිස් මරණ 17ක් ද සිදුව තිබෙනවා.

වන අලින් හේතුවෙන් සිදු වූ දේපළ හානි සංඛ්‍යාව 2022දී 493ක් ද 2023/07/20 දිනට 474ක් ද වන අතර 2022 වසරේ ශාරීරික හානි සිදුවූ සංඛ්‍යාව 13ක් ද 2023/07/20 දිනට 12ක් ද වන බවටයි අනාවරණ වී ඇත්තේ.

2023 වසරේ මේ දක්වා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් තුන්කෝටි හැත්තෑ තුන්ලක්ෂ පනස් හයදහස් දහසයක් (37,356,016) වෙන්කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08