AFC Banner
Empty Ad
Empty Ad

සොරකමේ ගිය අයියා මල්ලි අත්අඩංගුවට

දහවල් කාලයේ නිවැසියන් කිසිවෙකුත් නොමැති අවස්ථාවල නිවෙස්වලට ඇතුලු වී භාණ්ඩ සොරකම් කිරීමට සම්බන්ධ සහෝදරයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් නිවැසියන් සිටින අතරතුර නිවසට ඇතුළු වී කාමරයක සැඟවී සිට නිවසේ හිමිකරුවන් බැහැර ගිය පසු නිවසේ තිබූ මුදල් සහ රන් ආභරණ සොරකම් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අයියා සහ මල්ලි වන අතර බාල සහෝදරයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 29 වයස්වල පසුවනවා.

දෙදෙනොම විවාහකයන් වන අතර මේ වන විට ඔවුන්ගේ බිරින්දෑවරුන් ඔවුන් අතහැර ගොස් ඇති බව ද සඳහන්.

සැකකරුවන් රුපියල් එක්ලක්ෂ අසූ දෙදහක මුදලක් සහ රුපියල් හය ලක්ෂ හතළිස් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ ද සොරකම් කර ඇති බව සඳහන්.

මෙම පුද්ගලයන් දෙදෙනා වැඩි වශයෙන් ගැවසී ඇත්තේ ගල්කිස්ස, මොරටුව, දෙහිවල, පිටකොටුව වැනි ප්‍රදේශවල බව හෙළිවී තිබෙනවා.

29 හැවිරිදි සැකකරු පිටකොටුව ප්‍රදේශයේ කුලී ත්‍රී රෝද රථයක් ධාවනය කරමින් සිටින අයෙක්.

සැකකරුවන් සොරකම් කළ රන් භාණ්ඩ දෙහිවල සහ කළුබෝවිල ප්‍රදේශවල පෞද්ගලික මූල්‍ය ආයතනයක සහ රාජ්‍ය බැංකුවකට උකස් කර මුදල් ලබා ගෙන ඇති අතර රුපියල් එක් ලක්ෂ හැට දහසක් වටිනා රන් ආභරණ වෑවල පදිංචි හරක්කටාගේ ගෝලයෙකුට විකුණා මුදල් ලබා ගෙන ඇති බවට හෙළිවී තිබෙනවා.

ඉතිරි තුන් ලක්ෂ තුන් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා රන් ආභරණ පිටකොටුවේ වෙරළ පාරේ පුද්ගලික වෙළඳ ආයතනයකට විකුණා මුදල් ලබා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

සොරා ගත් මුදල් සහ රන්භාණ්ඩ විකිණීමෙන් ලබාගත් මුදල් සියල්ල මොවුන් මත්ද්‍රව්‍ය සඳහා වියදම් කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සැකරුවන් දෙදෙනා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?