සොරකමේ ගිය අයියා මල්ලි අත්අඩංගුවට

දහවල් කාලයේ නිවැසියන් කිසිවෙකුත් නොමැති අවස්ථාවල නිවෙස්වලට ඇතුලු වී භාණ්ඩ සොරකම් කිරීමට සම්බන්ධ සහෝදරයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් නිවැසියන් සිටින අතරතුර නිවසට ඇතුළු වී කාමරයක සැඟවී සිට නිවසේ හිමිකරුවන් බැහැර ගිය පසු නිවසේ තිබූ මුදල් සහ රන් ආභරණ සොරකම් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අයියා සහ මල්ලි වන අතර බාල සහෝදරයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 29 වයස්වල පසුවනවා.

දෙදෙනොම විවාහකයන් වන අතර මේ වන විට ඔවුන්ගේ බිරින්දෑවරුන් ඔවුන් අතහැර ගොස් ඇති බව ද සඳහන්.

සැකකරුවන් රුපියල් එක්ලක්ෂ අසූ දෙදහක මුදලක් සහ රුපියල් හය ලක්ෂ හතළිස් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ ද සොරකම් කර ඇති බව සඳහන්.

මෙම පුද්ගලයන් දෙදෙනා වැඩි වශයෙන් ගැවසී ඇත්තේ ගල්කිස්ස, මොරටුව, දෙහිවල, පිටකොටුව වැනි ප්‍රදේශවල බව හෙළිවී තිබෙනවා.

29 හැවිරිදි සැකකරු පිටකොටුව ප්‍රදේශයේ කුලී ත්‍රී රෝද රථයක් ධාවනය කරමින් සිටින අයෙක්.

සැකකරුවන් සොරකම් කළ රන් භාණ්ඩ දෙහිවල සහ කළුබෝවිල ප්‍රදේශවල පෞද්ගලික මූල්‍ය ආයතනයක සහ රාජ්‍ය බැංකුවකට උකස් කර මුදල් ලබා ගෙන ඇති අතර රුපියල් එක් ලක්ෂ හැට දහසක් වටිනා රන් ආභරණ වෑවල පදිංචි හරක්කටාගේ ගෝලයෙකුට විකුණා මුදල් ලබා ගෙන ඇති බවට හෙළිවී තිබෙනවා.

ඉතිරි තුන් ලක්ෂ තුන් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා රන් ආභරණ පිටකොටුවේ වෙරළ පාරේ පුද්ගලික වෙළඳ ආයතනයකට විකුණා මුදල් ලබා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

සොරා ගත් මුදල් සහ රන්භාණ්ඩ විකිණීමෙන් ලබාගත් මුදල් සියල්ල මොවුන් මත්ද්‍රව්‍ය සඳහා වියදම් කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සැකරුවන් දෙදෙනා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04