යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු ප්‍රමුඛ දිගු දුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස විනාශයට පත්ව ඇත්තේ Tupolev Tu-22 නමැති ප්‍රහාරක යානයක් බවයි වාර්තා වන්නේ.
මෙම යානයට ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් ගමන් කළ හැකි අතර. යුක්‍රේනයේ නගරවලට පහර දීම සඳහා රුසියාව විසින් එය බහුලව භාවිත කළ යානයක් බව සඳහන්.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සෙනසුරාදා මොස්කව් වේලාවෙන් උදෑසන 10:00ට පමණ මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.
තනි ගුවන් යානයක් විනාශ කිරීම මොස්කව්හි වත්මන් බලයට එතරම් බලපෑමක් ඇති නොවනු ඇති බව රුසියාව පවසනවා.
කෙසේ වෙතත් මෙලෙස රුසියානු භූමියේ මධ්‍යයේ ඇති ඉලක්ක වෙත පහරදීමට ඇති යුක්‍රේන හැකියාව මෙම ප්‍රහාරය මඟින් ඉස්මතු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.














TU MEANS TUPALOV TU RANGE FROM TU 22 TO TU 160 TU 180. VERY NOISY LOW FACILITY BUT HIGHLY EFFECTIVE FLYING MACHINES. LIKE MIKOYAN GURYEV (MIG), SUKHOI (SU), THESE 3 RUSSIAN COMAPIES MADE HIGH EFFECTICE FLYING FIGHTER CRAFTS CAN BE KNOWN AS FLYING FORTRESSES. FLYING TANKS, LYING SHIPS CAN GIVE MASSIVE DAMAGE TO THE ENEMY. IF USA AND EUROPE DID NOT THEIR BACK SCRQATCHING STINKING DIRTY FINGERS INTO UKRAINE MATTER THIS WAR MAY SEE AN END