සත්භාවයෙන් රට ගොඩගන්න නම් සහාය දෙනවා – විපක්ෂ නායක

රට වැ⁣ටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට රජයට වැඩපිළිවෙළක් ඇත්නම් විපක්ෂයක් ලෙස සියලු දෙනා එක්ව උපරිම සහයෝගය ලබා දීමට කැමති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එහෙත් එවැනි වැඩපිළිවෙළක් වත්මන් රජයට නොමැති අතර රජය සිදු කරන දේශපාලන සූදුවලින් වැලකී රට ගොඩ ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි ඔහු කියාසිටියේ.

රජයට ඒ සඳහා දැනුමක් නැත්නම් විපක්ෂය සතු දැනුම මෙන්ම මානව සම්පත් ඊට ලබා දීමට කැමති බව ඔහු ප්‍රකාශ කළා.

රට තුළ භයානක ආර්ථික සමාජීය විනාශයක් සිදු වෙමින් පවතින අතර මේ මොහොත වන විට පවුල් 60000කට ආසන්න ප්‍රමාණයකට පිරිසුදු පානීය ජලය අහිමිවී ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

හෙක්ටයාර ලක්ෂ ගණනින් වගා බිම් නියඟය නිසා විනාශවී ඇති අතරම ගොවි ජනතාව ඇතුළු සමස්ත වැඩ කරන ජනතාවගේ ජීවනේපාය අහිම වෙමින් පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.

පාසල් ගුරුවරු 5000කට ආසන්න ප්‍රමාණයක් සහ විශේෂඥ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බවත් මේ හේතුවෙන් රෝහල්වල වාට්ටු වැසී ශෛල්‍යකර්ම පවා කල් දමා ඇති බැවින් මෙම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට නම් ජාතික එකමුතුවෙන් සහ ඒකාග්‍රතාවයෙන් යුත් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

රට වැ⁣ටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට රජයට වැඩපිළිවෙළක් ඇත්නම් විපක්ෂයක් ලෙස සියලු දෙනා එක්ව උපරිම සහයෝගය ලබා දීමට කැමති වුව ද එවැනි වැඩපිළිවෙළක් වත්මන් රජයට නොමැති බව ඔහු පෙන්වා දෙනවා.

රජය සිදු කරන දේශපාලන සූදුවලින් වැලකී රට ගොඩ ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් රජයට ඒ සදහා දැනුමක් නැත්නම් විපක්ෂය සතු දැනුම මානව සම්පත් ඒ සදහා ලබා දීමට කැමති බවත් විපක්ෂ නායකවරයා කියාසිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ රට වැටී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

තනතුරු තාන්න මාන්න ⁣අපේක්ෂාවෙන් එවැනි කිසිදු සහයෝගයක් ලබා නොදෙන අතර හුදෙක්ම ලක්ෂ 220ක් ජනතාව වැටී තිබෙන තත්ත්වයෙන් මුදවා ගැනීමේ අරමුණින් සහයෝගය ලබා දෙන බවයි ඔහු අවධාරණය කළේ.

ඒ සඳහා නූතන තාක්ෂණික ක්‍රමෝපායන් අනුගමනය කරන ලෙසත් යල් පැන ගිය වැඩසටහන් අනුගමනය කරන ජරාජීරණ දේශපාලනය අමතක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටිනවා.

තනතුරුවලට වහල් වී රටත් ජනතාවත් පාවා දීමට සුදානම් නොමැති බවත් එවැනි පාවාදීමේ දේශපාලන ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය නම් වෙනත් අතක් බලා ගන්නා ලෙසත් රටේ ජාතික අවශ්‍යතාව පැත්තකට විසි කර දේශපාලන බඩගෝස්තරවාදී දේශපාලනය අනුගමනය කිරීමට සමගි ජන බලවේගය සූදානම් නොමැති බවත් ඔහු සඳහන් කළා.

රජයට හිතවත් මාධ්‍ය හරහා ගොඩනගනා ව්‍යාජ යථාර්ථයට ප්‍රබන්දවලට ලක්ෂ 220ක් ජනතාව නොරැවටෙන අතර මාතෘභූමිය සුරැකීමට කැපවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39