මිලියන 43 ක කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 43 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු උතුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි සැකකරු සහ කේරළ ගංජා තොගය හමුවී ඇත්තේ.

කිලෝ 130කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර සැකකරු යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එම ඩිංගි යාත්‍රාවේ තිබී උර තුනක පාර්සල් 61ක අසුරන ලද, කේරළ ගංජා කිලෝ 130 ග්‍රෑම් හයසියයක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

සැකකරු කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනි පොලිසිය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19