අවුරුදු 10ක සිසුවියට දින ගණනක සිට අතවර කළ වැඩ බලන විදුහල්පති අත්අඩංගුවට

වයස අවුරුදු 10ක පාසල් සිසුවියකට වරින්වර ලිංගික අතරව සිදුකළ බව කියන වැඩ බලන විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පාසලක වැඩ බලන විදුහල්පති ලෙස සේවය කරමින් සිටි වයස අවුරුදු 57ක අයෙක්.

සැකකාර විදුහල්පතිවරයා සෝලේවැව – ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

තම දියණියට ඉකුත් 14 වෙනිදා සිට අවස්ථා කීපයක දී සැකකරු විසින් ලිංගික අතවර සිදුකර ඇති බවට දැරියගේ මව විසින් ගිරිබාව පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකාර විදුහල්පතිවරයා ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අතවරයට පත්ව ඇති බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගිරිබාව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
14
+1
1
+1
4
+1
7
+1
2
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?