හවායි ලැව් ගින්නෙන් පසු ප්‍රධානියෙක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ලැව් ගිනි හේතුවෙන් හානියට පත් හවායි හි Maui දුපතේ හදිසි කළමනාකරණ ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මාරක ලැව්ගින්න හමුවේ අනතුරු ඇඟවීමේ පද්ධතිය සක්‍රීය කිරීමට තම ආයතනය අසමත් වීම හේතුවෙනුයි ඔහු මෙම තීරණයට එළඹ ඇත්තේ.

හදිසි කළමනාකරණය පිළිබඳ පූර්ව පළපුරුද්දක් නොමැති මෙම නිලධාරියා ඉල්ලා අස්වීමට සෞඛ්‍ය හේතු බලපෑ බව ප්‍රකාශ කර තිබෙනවා.

ලැව් ගින්නෙන් පසු හවායි දූපතේ පදිංචිකරුවන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ශක්තිමත් හදිසි ප්‍රතිචාරයක් ක්‍රියාත්මක වූයේ නම් තවත් ජීවිත බේරා ගත හැකිව තිබූ බවයි.

මෙම ගිනි ගැනීම් හේතුවෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇති අතර 1000කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටිනවා.

දිවයින පුරා සයිරන් නලා 80ක් ඇතුළත් Maui හි නවීන ආරක්ෂක පද්ධතිය සෑම මසකම පළමු දින පරීක්ෂා කෙරෙනවා.

එහි තත්පර 60ක ශබ්දය ලහයිනා හි සාමාන්‍ය ජීවිතයේ කොටසක් වුවද ගින්න ඇති වූ දිනයේ එය නිහඬව තිබූ බවයි වාර්තා වන්නේ.

හදිසි කළමනාකරණ නියෝජිතායතනයේ ප්‍රධානියා අවධාරනය කළේ බොහෝ විට සුනාමි සඳහා හඬ නඟන සයිරන් හඬට – ලහයිනාවේ ජනතාව උස් බිමකට දුවනු ඇතැයි තමන් බිය වූ බවයි.

එහෙත් හවායි හි නිවැසියන් කිසිවකු මෙම පැහැදිලි කිරීම පිළි නොගත් අතර ඔවුන් සඳහන් කළේ එම සයිරන් හඬ ළඟ එන අනතුර පිළිබඳ කිසියම් හෝ තීරණාත්මක අනතුරු ඇඟවීමක් සැපයීමට තිබූ බවයි.

ගින්න ඇති වූ දිනයේ, ඩෝරා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ තද සුළඟ හේතුවෙන් ලහයිනා නගරයේ බොහෝ දෙනෙක් විදුලිය නොමැතිව නිවෙස්වලට වී සිට තිබුණා.

ලැව් ගිනි සම්බන්ධයෙන් එවන ලද කෙටි පණිවිඩය ද බොහෝ පදිංචිකරුවන්ට ලැබී නැහැ.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ සයිරන් නාද කළ යුතුව තිබු අතර එය අඩුම තරමින් නිවසේ සිරවී සිටින සමහර පුද්ගලයින්ට පිටතට යන ලෙසට හෝ අනතුරු ඇඟවීමට ද ඉඩ තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?