හවායි ලැව් ගින්නෙන් පසු ප්‍රධානියෙක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ලැව් ගිනි හේතුවෙන් හානියට පත් හවායි හි Maui දුපතේ හදිසි කළමනාකරණ ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මාරක ලැව්ගින්න හමුවේ අනතුරු ඇඟවීමේ පද්ධතිය සක්‍රීය කිරීමට තම ආයතනය අසමත් වීම හේතුවෙනුයි ඔහු මෙම තීරණයට එළඹ ඇත්තේ.

හදිසි කළමනාකරණය පිළිබඳ පූර්ව පළපුරුද්දක් නොමැති මෙම නිලධාරියා ඉල්ලා අස්වීමට සෞඛ්‍ය හේතු බලපෑ බව ප්‍රකාශ කර තිබෙනවා.

ලැව් ගින්නෙන් පසු හවායි දූපතේ පදිංචිකරුවන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ශක්තිමත් හදිසි ප්‍රතිචාරයක් ක්‍රියාත්මක වූයේ නම් තවත් ජීවිත බේරා ගත හැකිව තිබූ බවයි.

මෙම ගිනි ගැනීම් හේතුවෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇති අතර 1000කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටිනවා.

දිවයින පුරා සයිරන් නලා 80ක් ඇතුළත් Maui හි නවීන ආරක්ෂක පද්ධතිය සෑම මසකම පළමු දින පරීක්ෂා කෙරෙනවා.

එහි තත්පර 60ක ශබ්දය ලහයිනා හි සාමාන්‍ය ජීවිතයේ කොටසක් වුවද ගින්න ඇති වූ දිනයේ එය නිහඬව තිබූ බවයි වාර්තා වන්නේ.

හදිසි කළමනාකරණ නියෝජිතායතනයේ ප්‍රධානියා අවධාරනය කළේ බොහෝ විට සුනාමි සඳහා හඬ නඟන සයිරන් හඬට – ලහයිනාවේ ජනතාව උස් බිමකට දුවනු ඇතැයි තමන් බිය වූ බවයි.

එහෙත් හවායි හි නිවැසියන් කිසිවකු මෙම පැහැදිලි කිරීම පිළි නොගත් අතර ඔවුන් සඳහන් කළේ එම සයිරන් හඬ ළඟ එන අනතුර පිළිබඳ කිසියම් හෝ තීරණාත්මක අනතුරු ඇඟවීමක් සැපයීමට තිබූ බවයි.

ගින්න ඇති වූ දිනයේ, ඩෝරා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ තද සුළඟ හේතුවෙන් ලහයිනා නගරයේ බොහෝ දෙනෙක් විදුලිය නොමැතිව නිවෙස්වලට වී සිට තිබුණා.

ලැව් ගිනි සම්බන්ධයෙන් එවන ලද කෙටි පණිවිඩය ද බොහෝ පදිංචිකරුවන්ට ලැබී නැහැ.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ සයිරන් නාද කළ යුතුව තිබු අතර එය අඩුම තරමින් නිවසේ සිරවී සිටින සමහර පුද්ගලයින්ට පිටතට යන ලෙසට හෝ අනතුරු ඇඟවීමට ද ඉඩ තිබූ බවයි.

  1. THERE ARE 80 SIRENS MEANS IT IS NOT A BIG ISLAND. IT IS TRUE THERE COMMON THREAT IS TSUNAMI AND VOLCAANIC ERUPTIONS AND EARTH QUAKES. BUT WHY THEY DO NOT HAVE PUBLIC ADDRESS SYSTEM AND TELEPHONE COMMUNICATION SYSTEM AROUND THE ISLAND. BUSH FIRES WILL TAKE CONSIDERBLE TIME THAN OTHER 3 NATURAL DISASTERS. THERE WERE ENOUGH TIME TO COMMUNICAT PUBLIC BUT UNFORTUNATELY DIDNT HAPPNED.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25