රජිනිගේ ‘ජේලර්’ ප්‍රදර්ශනය අරඹා පළමු දින 08 දී වාර්තා ගත අදායමක්

දමිළ සිනමාවේ සුපර් ස්ටාර් ලෙස හඳුවන්වන සුප්‍රසිද්ධ නළු රජිනිකාන්ත් නවතම චිත්‍රපටය වන ජේලර් පසුගිය 10 වනදා ප්‍රදර්ශනය ආරම්භ කළා.

බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වන මෙම චිත්‍රපටය, ප්‍රදර්ශනය අරඹා 08 වන දිනය වන විට ඉන්දීය කෝටි 235.65ක ආදායමක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.

නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ජේලර් චිත්‍රපටය ඊයේ දිනයේ දී පමණක් ඉන්දියාව තුළ රුපියල් කෝටි 10ක ශුද්ධ ආදායමක් උපයා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

ජේලර් චිත්‍රපටයේ සතියේ දිනවල අදායම මන්දගාමී වූ නමුත් සෙනසුරාද සහ ඉරිදා දිනයන්වල දී එය හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත් බව එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කළා.

ඉන්දීය රුපියල් 200ත් 240ත් අතර පිරිවැයක් දරමින් නිෂ්පාදනය කළ ජේලර් චිත්‍රපටය නිකුත් වීමට පෙර දිනයේ දී සුපිරි නළු රජිනිකාන්ත් අධ්‍යාත්මික නිවාඩුවකට හිමාලය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් තමිල්නාඩුවේ රසිකයින් දෙවියන් හමුවේ පුද පූජා පවත්වමින් යාඥා කළ බවට ද තොරතරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32