spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජිනිගේ ‘ජේලර්’ ප්‍රදර්ශනය අරඹා පළමු දින 08 දී වාර්තා ගත අදායමක්

දමිළ සිනමාවේ සුපර් ස්ටාර් ලෙස හඳුවන්වන සුප්‍රසිද්ධ නළු රජිනිකාන්ත් නවතම චිත්‍රපටය වන ජේලර් පසුගිය 10 වනදා ප්‍රදර්ශනය ආරම්භ කළා.

බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වන මෙම චිත්‍රපටය, ප්‍රදර්ශනය අරඹා 08 වන දිනය වන විට ඉන්දීය කෝටි 235.65ක ආදායමක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.

නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ජේලර් චිත්‍රපටය ඊයේ දිනයේ දී පමණක් ඉන්දියාව තුළ රුපියල් කෝටි 10ක ශුද්ධ ආදායමක් උපයා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

ජේලර් චිත්‍රපටයේ සතියේ දිනවල අදායම මන්දගාමී වූ නමුත් සෙනසුරාද සහ ඉරිදා දිනයන්වල දී එය හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත් බව එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කළා.

ඉන්දීය රුපියල් 200ත් 240ත් අතර පිරිවැයක් දරමින් නිෂ්පාදනය කළ ජේලර් චිත්‍රපටය නිකුත් වීමට පෙර දිනයේ දී සුපිරි නළු රජිනිකාන්ත් අධ්‍යාත්මික නිවාඩුවකට හිමාලය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් තමිල්නාඩුවේ රසිකයින් දෙවියන් හමුවේ පුද පූජා පවත්වමින් යාඥා කළ බවට ද තොරතරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?