LPL ඔටුන පැළඳ සිටි ජැෆ්නා රජවරුන්ගෙන් ඔටුන්න ගිලිහෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පසුගිය වර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත්වීමට ඊයේ රාත්‍රියේ සිදුවුණා.

ඒ, අද ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ, බී ලව් කැන්ඩි කණ්ඩායම සමග පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී ලකුණු 62කින් පරාජයට පත්වීමත් සමගයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බී ලව් කැන්ඩි ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 188ක් කඩුලු 08 දැවී රැස් කළා.

එහිදී ආරම්භක පිතිකරු මොහොමඩ් හාරිස් ලකුණු 79ක් රැස් කළේ පන්දු 49ක් පමණක් වැය කරමින්.

කැන්ඩි ඉනිමේ දෙවැනි කඩුල්ලට සාර්ථක සබදතාවක් ගොඩනගන්නට හාරිස් සමග එක්වූ දිනේෂ් චන්දිමාල්ට හැකියාව ලැබුණු අතර, චන්දිමාල් මෙම තරගයේ දී ලකුණු 41ක් රැස් කිරීමට සමත් වුණා.

නායක වනිදු හසරංග ලකුණු 19ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 17ක් කැන්ඩි ඉනිම වෙනුවෙන් රැස් කළා.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර කඩුලු 04ක්, මහීෂ් තීක්ෂණ සහ අසේල ගුණරත්න අතරේ කඩුලු 02ක බැගින් බෙදී ගියා.

අනතුරුව ලකුණු 189ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා ක්‍රීඩකයින්ට සාර්ථක සම්බන්ධතාවන් ගොඩනගන්නට කැන්ඩි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එහිදී මෙතෙක් එල්.පී.එල්. තරග ඉතිහාසයේ විශිෂ්ඨතම පන්දු යැවීම වාර්තා කළ වනිදු හසරංග ජැෆ්නා ඉනිමේ කඩුලු 06ක් බිද දැමුවේ පන්දුවාර තුනයි පන්දු 02ක් තුළ ලකුණු 09ක් පමණයි ලබා දෙමින්.

ඒ, අනුව මෙවර තරගාවලියේ වැඩිල කඩුලු ලාභියා වීමටද ඔහුට හැකියාව ලැබුණා.

ඊට අමතරව නුවන් ප්‍රදීප්, සහන් ආරච්චිගේ සහ මුජීබර් රහුමාන් එක් කඩුල්ල බැගින් බිද දැමුවා.

ජැෆ්නා පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට ෂොයිබ් මලික් පත් වුණේ ලකුණු 31ක් රැස් කරමින්.

ඊට අමතරව ඩේවිඩ් මිලර් ලකුණු 26ක් රැස් කළා.

අනෙකුත් පිතිකරුවන්ට සාර්ථක වීමට හැකියාවක් නොලැබුනු අතර, පන්දු වාර 17යි පන්දු 02ක් අවසානයේ ජැෆ්නා ලකුණු පුවරුව ලියවී තිබුණේ සියල්ලන් දැවී ලකුණු 127ක් ලෙසටයි.

මෙම තරගය ජැෆ්නා කණ්ඩායම පරදා ජයගත් කැන්ඩි පිළ තුන්වන අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
6
+1
4
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුලේ ත්‍රස්තවාදියාව සිහිපත් කරනවා - එකෙක්වත් කට ඇරියේ නෑ
05:49
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:31
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි වැරදියි කියලා තාම ඔප්පුවෙලා නෑ
12:58
Video thumbnail
තව මාස 4කට රටේ වැසි තත්ත්වයක්..? කාලගුණය ගැන අනතුරු අඟවයි
03:10
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42