AFC Banner
Empty Ad
Empty Ad

අගමැති දිනේෂ් නිල සංචාරයක් සඳහා චීනයට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඊයේ (14) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍යවරයා චීනයේ – කුන්මින්හි දී පැවැත්වෙන චීන දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙසට ද එක්වීමට නියමිතයි.

හෙට (16) දිනයේ සිට ලබන 20 වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මෙවර තේමාව වී ඇත්තේ ‘පොදු සංවර්ධනය සඳහා සහයෝගිතාව සහ සම්බන්ධීකරණය’ යන්නයි.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60ක් සහභාගී වනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, ජානක වක්කුඹුර සහ කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන පිරිස ද අග්‍රාමාත්‍යවරයා සමඟ චීනය බලා පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?