අගමැති දිනේෂ් නිල සංචාරයක් සඳහා චීනයට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඊයේ (14) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍යවරයා චීනයේ – කුන්මින්හි දී පැවැත්වෙන චීන දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙසට ද එක්වීමට නියමිතයි.

හෙට (16) දිනයේ සිට ලබන 20 වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මෙවර තේමාව වී ඇත්තේ ‘පොදු සංවර්ධනය සඳහා සහයෝගිතාව සහ සම්බන්ධීකරණය’ යන්නයි.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60ක් සහභාගී වනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, ජානක වක්කුඹුර සහ කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන පිරිස ද අග්‍රාමාත්‍යවරයා සමඟ චීනය බලා පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14