පොලිස් සැරයන්වරයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

රිය අනතුරකින් 49 හැවිරිදි වියේ පසුවූ පොලිස් සැරයන්වරයෙක් මිය ගොස් තිබෙනවා. ඒ වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේදි.

ඊයේ (15) පස්වරුවේදී තෙලුල්ල, 304 කිලෝමීටර් කණුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් මියගිය පොලිස් නිලධාරියා වැල්ලවාය පොලිසියට අනුයුක්තව සේවයකර, ඊයේ දිනයේ ස්ථාන මාරුවීම් ලැබූ අයෙක් බවයි වාර්තා වන්නේ. අනතුරෙන් ඔහුගේ දරුවා ද බරපතළ තුවාල ලබා තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් පසු තුවාලකරුවන් වැල්ලවාය, හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් සැරයන්වරයා මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. තුවාල ලැබූ දරුවා මේ වන විට මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09