පොලිස් සැරයන්වරයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

රිය අනතුරකින් 49 හැවිරිදි වියේ පසුවූ පොලිස් සැරයන්වරයෙක් මිය ගොස් තිබෙනවා. ඒ වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේදි.

ඊයේ (15) පස්වරුවේදී තෙලුල්ල, 304 කිලෝමීටර් කණුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් මියගිය පොලිස් නිලධාරියා වැල්ලවාය පොලිසියට අනුයුක්තව සේවයකර, ඊයේ දිනයේ ස්ථාන මාරුවීම් ලැබූ අයෙක් බවයි වාර්තා වන්නේ. අනතුරෙන් ඔහුගේ දරුවා ද බරපතළ තුවාල ලබා තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් පසු තුවාලකරුවන් වැල්ලවාය, හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් සැරයන්වරයා මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. තුවාල ලැබූ දරුවා මේ වන විට මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?