“නිපුන්ව කැඳවීම හා ඉෆ්තිකාර්ට පන්දුව අතටදීමේ තීරණය ගත්තේ මම” – චාමික (වීඩියෝ)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තියුණු තරගයක් ඊයේ (13) රාත්‍රියේ අවසන් වුණේ කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායමට ජයගෙන එමින්.

මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටින බී ලව් කැන්ඩි කණ්ඩායම පරාජය කරමින් කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 09කින්.

කලම්බෝ ස්ට්‍රයිකස් ලැබූ මෙම ජයත් සමඟ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන තවත් තියුණු මුහුණුවරක් ගෙන තිබීම ද විශේෂත්වයක්.

ඊයේ පැවති මෙම තරගයේ දී කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායමේ නිත්‍ය නායක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා නොකර අතර, කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හටයි.

මෙම තරගයේ දී වමත් ප්‍රහාරක පිතිකරුවෙක් වන නිපුන් ධනංජය කලම්බෝ කණ්ඩායමට කැඳවා තිබූ අතර, එම කැඳවීමට උපරිම සාධාරණයක් කරමින් ඔහු සිය මංගල එල්.පී.එල්. තරගයේ දීම වේගවත් ලකුණු 40ක් පන්දු 29ක් තුළ රැස්කළා.

ඊයේ තරගයේ දී කලම්බෝ කණ්ඩායමේ නායකත්වය දැරූ චාමිකගේ තීරණයකට අනුව නිපුන් ධනංජය මෙලෙස කණ්ඩායමට කැඳවා තිබූ බවයි වාර්තා වුණේ.

මේ අතර කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම නියෝජනය කරන පාකිස්ථාන ක්‍රීඩක ඉෆ්තිකාර් අහමඩ්ට පන්දු යැවීමට අවස්ථාව ලබදීම ඊයේ තරගයේ දී දැකගත හැකි වුණා.

පෙර තරගවල පිතිකරුවෙක් ලෙස පමණක් කටයුතු කළ ඉෆ්තිකාර් ඊයේ තරගයේ දී පන්දු යවන්නෙකු ලෙසද යොදවා ගැනීම සැලැස්ම වී තිබූ බව චාමික කරුණාරත්න සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?