“නිපුන්ව කැඳවීම හා ඉෆ්තිකාර්ට පන්දුව අතටදීමේ තීරණය ගත්තේ මම” – චාමික (වීඩියෝ)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තියුණු තරගයක් ඊයේ (13) රාත්‍රියේ අවසන් වුණේ කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායමට ජයගෙන එමින්.

මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටින බී ලව් කැන්ඩි කණ්ඩායම පරාජය කරමින් කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 09කින්.

කලම්බෝ ස්ට්‍රයිකස් ලැබූ මෙම ජයත් සමඟ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන තවත් තියුණු මුහුණුවරක් ගෙන තිබීම ද විශේෂත්වයක්.

ඊයේ පැවති මෙම තරගයේ දී කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායමේ නිත්‍ය නායක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා නොකර අතර, කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හටයි.

මෙම තරගයේ දී වමත් ප්‍රහාරක පිතිකරුවෙක් වන නිපුන් ධනංජය කලම්බෝ කණ්ඩායමට කැඳවා තිබූ අතර, එම කැඳවීමට උපරිම සාධාරණයක් කරමින් ඔහු සිය මංගල එල්.පී.එල්. තරගයේ දීම වේගවත් ලකුණු 40ක් පන්දු 29ක් තුළ රැස්කළා.

ඊයේ තරගයේ දී කලම්බෝ කණ්ඩායමේ නායකත්වය දැරූ චාමිකගේ තීරණයකට අනුව නිපුන් ධනංජය මෙලෙස කණ්ඩායමට කැඳවා තිබූ බවයි වාර්තා වුණේ.

මේ අතර කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම නියෝජනය කරන පාකිස්ථාන ක්‍රීඩක ඉෆ්තිකාර් අහමඩ්ට පන්දු යැවීමට අවස්ථාව ලබදීම ඊයේ තරගයේ දී දැකගත හැකි වුණා.

පෙර තරගවල පිතිකරුවෙක් ලෙස පමණක් කටයුතු කළ ඉෆ්තිකාර් ඊයේ තරගයේ දී පන්දු යවන්නෙකු ලෙසද යොදවා ගැනීම සැලැස්ම වී තිබූ බව චාමික කරුණාරත්න සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01