අමුනක දිය නාන්න ගිය තරුණයා දිය රකුසාට බිළි

ඌව පරණගම, රතඹ, දියකොලආරාව අමුනේ දිය නෑමට ගිය තරුණයෙක් ඊයේ (13) පස්වරු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය, කඳ⁣පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක් බවයි අඹගස්දෝව පොලිසිය පැවසුවේ.

තම සොහොයුරියගේ නිවසට පැමිණ ඇති මෙම තරුණයා ඊයේ (13) සවස ඔහුගේ ඥාති සොහොයුරෙකු සමඟ මෙම අමුනේ දියනෑමට ගොස් තිබෙනවා.

එහි දී තරුණයා දියවළකට පැනීමෙන් පසු දියේ ගිලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

දියේ ගිලුනු තරුණයා ගොඩට ගෙන ඌව පරණගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මියගිය තරුණයාගේ මළ සිරුර මේ වනවිට ඌව පරණගම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37