spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමුනක දිය නාන්න ගිය තරුණයා දිය රකුසාට බිළි

ඌව පරණගම, රතඹ, දියකොලආරාව අමුනේ දිය නෑමට ගිය තරුණයෙක් ඊයේ (13) පස්වරු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය, කඳ⁣පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක් බවයි අඹගස්දෝව පොලිසිය පැවසුවේ.

තම සොහොයුරියගේ නිවසට පැමිණ ඇති මෙම තරුණයා ඊයේ (13) සවස ඔහුගේ ඥාති සොහොයුරෙකු සමඟ මෙම අමුනේ දියනෑමට ගොස් තිබෙනවා.

එහි දී තරුණයා දියවළකට පැනීමෙන් පසු දියේ ගිලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

දියේ ගිලුනු තරුණයා ගොඩට ගෙන ඌව පරණගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මියගිය තරුණයාගේ මළ සිරුර මේ වනවිට ඌව පරණගම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
14
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?