දරු ප්‍රසූතියේ දී බිම වැටුණු බිළිඳා දැඩිසත්කාර ඒකකයේ දී මිය ගිහින් (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ තම දරුවා බිමට වැටී දින ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ජීවිතක්ෂයට පත් වූ බව එම දරුවාගේ මව පවසනවා.

අනුරාධපුර, රඹෑව, කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසු වන තක්ෂිලා උදයංගනී මව, සිය දෙවන දරුවා බිහි කිරීම සඳහා පසුගිය 10 වනදා කල්ලංචිය රෝහලට ඇතුළත්ව තිබෙනවා.

එහිදී එම රෝහලේ පවතින අඩුපාඩු හේතුවෙන් ඇයව දරු ප්‍රසූතිය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

පසුව ප්‍රසූතිකාගාරයේ දී බිළිඳා ප්‍රසූත කිරීමෙන් පසු දරුවා බිම වැටුණු බවත්, එම අවස්ථාවේ දී දරුවා අල්ලා ගැනීමට එහි සිටි කිසිවෙකුටවත් නොහැකි වූ බව මව පවසනවා.

අනතුරුව හෙදියන් විසින් තම බිළිඳාව කඩිනමින් දැඩිසත්කාර ඒකකයට යොමු කිරීමට කටයුතු කළ බව ද එම බිළිඳාගේ මව සඳහන් කරනවා.

ඒ, අනුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට බිළිදා අද (13) උදෑසන ජීවිතක්ෂයට පත් වූ බවයි එම මව වැඩිදුරටත් සඳහන් කළේ.

බිළිදාගේ පියා පවසන්නේ රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම හේතුවෙන් තමන්ට සිය බිළිදාව අහිමි වූ බවත් මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී සිදුනොවීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
12
+1
0
+1
4
+1
112
+1
10
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32