ඉන්ස්ටග්‍රෑම් එකෙන් කෝලි, කෝටි ගණන් සල්ලි හොයන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

ඉන්ස්ටග්‍රෑම් හි අනුග්‍රාහක පෝස්ටුවක් සඳහා වැඩිම මුදල් අයකරන ලොව ජනප්‍රිය පුද්ගලයින් පිළිබඳ වාර්තාවක් ඊයේ ප්‍රසිද්ධියට පත් කර තිබුණා.

Hopper HQ නැමැති ආයතනය විසින් මෙම ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කර තිබූ අතර, පාපන්දු ක්‍රීඩකන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලයනල් මෙසී, හොලිවුඩ් සුපිරි නිළි සෙලීනා ගෝමස් වැනි සුපිරි තරු එහි සිටිනවා.

මෙම ලැයිස්තුවේ සිටින එකම ඉන්දියානුවා සහ එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ සුපිරි පිතිකරු විරාට් කෝලි බවයි අදාළ ආයතනය පෙන්වා දී ඇත්තේ.

ඒ, අනුව කෝලි ඉන්ස්ටග්‍රෑම් හි අනුග්‍රාහක පෝස්ටුවකින් ඉන්දියානු රුපියල් කෝටි 11.45ක මුදලක් උපයා ගන්නා බවයි වාර්තා වන්නේ.

මෙම ආදායමත් සමඟ ඉන්ස්ටග්‍රෑම් හි වැඩිම ආදායමක් උපයන කීර්තිමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 14 වැනි ස්ථානය ඔහුට හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සුපිරි පිතිකරුවා අදාළ වාර්තාවන් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ.

මීට පෙර ට්විටර් ලෙස හැඳින් වූ මේ වනවිය එක්ස් ලෙස හඳුන්වන සමාජ මාධ්‍ය ජාලයේ විශේෂ සටහනක් තබමින් කෝලි මේ බව පවසා තිබෙනවා.

“මට ජීවිතයේ ලැබුණු සෑම දෙයකටම මම ස්තුතිවන්ත වන අතර ණයගැති වන අතර, මගේ සමාජ මාධ්‍ය ඉපැයීම් පිළිබඳ ප්‍රවෘත්ති සත්‍ය නොවේ” යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇති ආකාරය දැකගත හැකි වනවා.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකාව තුළ විරාට් කෝලිට මිලියන 256 අනුගාමිකයින් සිටිනවා.

01 1
02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ නලින්දව අසරණ කරපු ප්‍රශ්නය
11:02
Video thumbnail
රනිල්ට රට භාරදෙන්න - සජිත් අගමැති වෙන්න - නාමල් ඇමතිකමක් ගන්න
07:39
Video thumbnail
චැසි නම්බර් නැති වාහන අදටත් නිෂ්පාදනය වෙලා නෑ..අනිවාර්යෙන් චැසි නම්බර් එකක් තියෙන්න ඕනි
02:43
Video thumbnail
නාමල්ට අවු:45කින්වත් ජනපති වෙන්න වෙන්නේ නෑ.. - තිස්සකුට්ටිට, නිරෝෂන් කට උත්තර නැතිවෙන්න අමතයි
06:17
Video thumbnail
ටිල්වින් - අනුර - හරිනි සාපෙන් රට බේරාගන්න ඕනේ
05:52
Video thumbnail
නාමල්ව හිරේ දාලා චූන් ගන්න එන්න එපා - අපි සෙනඟ පිටින් එනවා
03:25
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි..සිරුර දැක්ක මිනිස්සු හඬා වැටෙයි
01:14