කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

ගණිකා වෘත්තිය පිළිබඳ අන්තර්ජාලයේ දැන්වීමි පළකොට ඊට ප්‍රතිචාර දක්වන පුද්ගලයන්‌ සමඟ මුදලට ගණිකා වෘත්තියේ යෙදුණු, සුරෑපී කාන්තාවන්‌ තිදෙනකු ඉන්‌ උපයාගත්‌ රුපියල්‌ අනූ එක්දහසක මුදලක්‌ ද සමඟ පෙරේදා (14දා) අත්‌අඩංගුවට ගත්‌ බව මහරගම පොලිසිය පැවැසීය.

අවිවාහක තරුණියක (21) , දෙදරු මවක (28) හා තිදරු මවක (31) වන එම තිදෙනා පස්සර, වලස්මුල්ල හා කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි තිදෙනෙක්‌ බවත්‌ සැකකාරියන්‌ කොළඹ උසස්‌ ආයතනවල රැකියා කරන බව නිවෙස්වලට පවසා කොළඹට පැමිණ වසර දෙකක පමණ සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවත්‌ පොලිසිය පැවැසීය.

මොවුන්‌ කණ්ඩායමක්‌ ලෙස එකතු වී අන්තර්ජාලයේ ඇප්‌ එකක්‌ ආරම්භ කොට ජාවාරමට සම්බන්ධ කාන්තාවන්ගේ විවිධ හැඩතල සහිත ඡායාරුප, මිල ගණන් හා පිරිමින්ට ලබාදෙන පහසුකම්‌ එහි පළකොට ඊට ප්‍රතිචාර දක්වන පුද්ගලයන්‌ හා සම්බන්ධ චී කාන්තාව නම්‌ කරන නවාතැන්පළකට පැමිණ ගණිකා වෘත්තියේ යෙදී ඇතැයි පැවැසේ.

ඒ සඳහා පැයක කාලයකට රුපියල්‌ 7,000 සිට 12,000 දක්වා මුදල්‌ අය කර තිබිණි. එලෙස
උපයාගත්‌ බවට සැකකෙරෙන රුපියල්‌ 74,000ක්‌ සහ 17,000ක මුදලක්‌ කාන්තාවන්‌ දෙදෙනෙක්‌ ළඟ තිබී පොලිස්‌ භාරයට ගෙන තිබේ.

ගණිකා වෘත්තියේ යෙදුණු තවත්‌ කාන්තාවන්‌ පස්දෙනකු මීට දින දහයකට පමණ පෙර,අත්‌අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන්‌ ලද තොරතුරුවලට අනුව මෙම කාන්තාවන්‌ තිදෙනා අත්‌අඩංගුවට ගත්‌ බව පොලිසිය පැවැසීය. සැකකාරියන්‌ නුගේගොඩ අධිකරණයට ඉදිරිපත්‌ කිරීමට නියමිත අතර මෙවන්‌ ජාවාරමි ක්‍රියාත්මක දැයි තවදුරටත්‌ විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන්‌ මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ජනකාන්ත මහතාගේ උපදෙස්‌ මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස්‌ පරීක්ෂක ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන්‌ පොලිස්‌ සැරයන්‌ චාමර (64897), ලොකුගේ (10300),පො.කො. සුමතිපාල (45042), කරුණාරත්න (93450), කා.පො.කො. සඳමාලි (11009) ඇතුළු නිලධාරභු වැටලීම සිදුකොට පරීක්ෂණ පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09