පොලිස් බලතල ගැන මහජන ආරක්ෂක ඇමති සහ දෙමළ සන්ධාන මන්ත්‍රීවරු අතර හමුවක්

13 වන සංශෝධනයේ පොලිස් බලතල බෙදා දීම පිළිබද විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර පවත්වා තිබෙනවා.

මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස් බලතල ඉල්ලා සිටීමට හේතු දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් විමසා ඇති අතර එහිදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් බලය බෙදීමේ වැදගත්කම පෙන්වා දී ඇත්තේ ලොව සෙසු රටවල් උදාහරණයට ගනිමින්.

දෙමළ ජාතිකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

පොලිස් බලතල නොබෙදා එම ගැටලුව විසදීමේ හැකියාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කළ අතර විදේශ රටවල් භාවිත කරන ක්‍රමවේද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකි බවයි එම මන්ත්‍රීවරුන් සඳහන් කළේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ එම රටවල් සහ ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජීය සංස්කෘතීන් මුළුමනින්ම වෙනස් බවයි.

දෙමළ ජනතාවට සහ දෙමළ නායකයින්ට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කුමක්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරුන් පැවසුවේ දිස්ත්‍රික් කමිටු මගින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට දුර බැහැර ගෙවාගෙන කොළඹට පැමිණීමට සිදුවීම සහ ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ තීරණ ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් පැවතීම ඊට හේතුව බවයි.

පොලිස් බලතල ලබාදීම සම්බන්ධ යෝජිත කරුණුවලට අලුත් කිසිවක් එක් නොවන බවයි ඔවුන් සඳහන් කළේ.

උතුරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ ඉහළ ගොස් ඇති බව එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනයට පත් කර ඇති විශේෂ පොලිස් කමිටුවට ඒ පිළිබද තොරතුරු ලබා දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12