පොලිස් බලතල ගැන මහජන ආරක්ෂක ඇමති සහ දෙමළ සන්ධාන මන්ත්‍රීවරු අතර හමුවක්

13 වන සංශෝධනයේ පොලිස් බලතල බෙදා දීම පිළිබද විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර පවත්වා තිබෙනවා.

මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස් බලතල ඉල්ලා සිටීමට හේතු දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් විමසා ඇති අතර එහිදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් බලය බෙදීමේ වැදගත්කම පෙන්වා දී ඇත්තේ ලොව සෙසු රටවල් උදාහරණයට ගනිමින්.

දෙමළ ජාතිකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

පොලිස් බලතල නොබෙදා එම ගැටලුව විසදීමේ හැකියාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කළ අතර විදේශ රටවල් භාවිත කරන ක්‍රමවේද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකි බවයි එම මන්ත්‍රීවරුන් සඳහන් කළේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ එම රටවල් සහ ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජීය සංස්කෘතීන් මුළුමනින්ම වෙනස් බවයි.

දෙමළ ජනතාවට සහ දෙමළ නායකයින්ට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කුමක්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරුන් පැවසුවේ දිස්ත්‍රික් කමිටු මගින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට දුර බැහැර ගෙවාගෙන කොළඹට පැමිණීමට සිදුවීම සහ ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ තීරණ ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් පැවතීම ඊට හේතුව බවයි.

පොලිස් බලතල ලබාදීම සම්බන්ධ යෝජිත කරුණුවලට අලුත් කිසිවක් එක් නොවන බවයි ඔවුන් සඳහන් කළේ.

උතුරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ ඉහළ ගොස් ඇති බව එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනයට පත් කර ඇති විශේෂ පොලිස් කමිටුවට ඒ පිළිබද තොරතුරු ලබා දෙන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01